(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දිනවලදී ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය හින්දු විද්‍යාලය යටවීමෙන් පාසල් සිසුහු පීඩාවට පත්ව සිටිති.
කිලිනොච්චියේ පන්නකන්ඩි, ඌරියාන් ගම්මානයන්හි අතුරු මාර්ග කිහිපයක් ද යටවී ඇති අතර මේ හේතුවෙන් සාමාන්‍ය වැසියන්ගේ ගමනාගමන කටයුතු අඩාල වී තිබිණි.
කිලිනොච්චියේ කුඩා වැව් සියල්ලක්ම වාන් මට්ටමට ආසන්නව පවතී. ඉදිරි දිනවලදී ද වැසි ලැබී වැව් සියල්ල එකවර වාන් දැමුවහොත්, ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක්ද පවතින බව කිලිනොච්චිය ආපදා කළමනාකරන කාර්යාලය වැඩිදුරටත් පවසයි.