වැස්සෙන් වලස්මුල්ල කුඹුරු අක්කර 100 ක් විනාශයි



(රන්න චන්ද්‍රසේන ගමගේ)
 
අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 100ක් පමණ වැස්සෙන් විනාශ වි ඇතැයි වලස්මුල්ල වී ගොවියෝ පවසති.
 
පසුගිය දින කිහිපය පුරා වලස්මුල්ල ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග වලස්මුල්ල ගොවිජන බල ප්‍රදේශයට අයත් බොහෝ කුඹුරුවල අස්වැන්න විනාශ වී ඇති බව ගොවිජන සංවර්ධන නිලධාරීහු ද තහවුරු කරති.
 
කන්න දෙක තුනකට පසු හොඳම අස්වැන්න ලැබූවේ මෙවර බවත්, ගොයම් කපා ගැනීමට ප්‍රමාණවත් යන්ත්‍ර සූත්‍රවල හිඟකම හේතුවෙන් අස්වැන්න ජල ගැල්මට හසු වූ බවද ඔවුහු පවසති.