වැස්සෙන් ගෙලිඔය යට වෙයි


(චමිල් රූපසිංහ)
 
මහනුවර ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව  නිසා  ගෙලිඔය නගරයේ සිට කොස්සින්න දක්වා   ප්‍රදේශයේ  මාර්ග අඩි 3 ක් පමණ ජලයෙන් යටවී  නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී තිබේ.
 
 
ඊයේ (05) සවස  ඇති වු වර්ෂා තත්ත්ව  නිසා මෙම තත්ත්වය හට ගෙන තිබේ.
 
 
පසුගිය සමය තුළ ගෙලිඔය නගරයේ පහත් බිම් තුල අනවසර ඉදිකිරීම් නිසා මේ තත්වය උදා වු  බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
 
 
ගෙලිඔය නගරය ජලයෙන් යටවිම නිසා පැය 4 ක පමණ කාලයක් මාර්ගයේ වාහන තදබදයක්   පැවැති අතර නිවාස 10 ට අධික ප්‍රමාණයකට ජලයෙන් යට වී  නිවැසියන් අපහසුතාවට පත්ව තිබේ.