වැස්ස ඉදිරියටත්


(ඩයනා උදයංගනී)

      

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද මිලිමීටර 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.