(තරංග ගුණරත්න)
වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුහුදෙහි පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද(8 ) සොයාගත් බව වැලිගම පොලිසිය පවසයි.
නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මළසිරුර ගොඩබිමට ගෙන එමට කටයුතු කර තිබේ.
මිය ගිය පුද්ගලයා වයස 40 ක පමණ අයකු විය හැකි බවද ඔහු පිළිබඳව නිවැරදි තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවද පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානිය අපරාධ විමර්ශන කටයුතු හා මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.



