(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද, සිංහපුර, පැරකුම්යාය ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(20) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
සැකකරුවන් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර නිධන් හෑරීමට යොදා ගන්නා ලද උපකරණද පොලීසිය බාරයට ගෙන තිබේ.
අඩි 8ක් පමණ ගැඹුරැති, අඩි 6ක් පමණ දිගින් සහ අඩි 4ක් පමණ පළලින් යුත් විශාල වළක් හාරා තිබෙන බවත් එහි අතුරා තිබූ ගල් තට්ටු සැකකරුවන් ගොඩදමා තිබූ බවත් පොලීසිය කීය.
පුරාවස්තු සෙවීමේ අරමුණින් කර තිබෙන මෙම නීතිවිරෝධී කැණීමට තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්‍ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවද විමර්ශන කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.