වැලිඔය වතු යායේ වතු නිවාස පෙළක ගින්නක්


(රංජිත් රාජපක්‍ෂ)

හැටන් වැලිඔය වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (16) ගින්නක් හටගෙන ඇතැයි  හැටන් පොලිසිය පවසයි.

එම වතු නිවාස පේලියේ නිවාස හතරකින් නිවාස දෙකක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වි ඇති  බවත් තවත් නිවසක් අර්ධ වශයෙන් ගිනි ගෙන  ඇත.

පැතිර යමින් තිබු ගින්න හැටන් පොලිසිය, වතුකම්කරුන් හා හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු  කළහ.