(සිතුම් චතුරංග)
වවුනියාව ඊච්චන්කුලම සුන්දරපුරම් ප්‍රදේශයේ නිවසකට අද (16) අලුයම ටිපර් රථයකින් වැලි බාමින් සිටියදී එම රථය විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරකින් එහි රියදුරු මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
අලුයම 03.00 පමණ ටිපර් රථයකින් වැලි රැගෙනවිත් සුන්දරපුරම් පාසල අසළ නිවසකට වැලි බාමින් සිටියදී ටිපර් රථය විදුලි රැහනක පැටලී හටගත් විදුලි කාන්දුවක් හේතුවෙන් රියදුරුට විදුලි සැර වැදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොන්නගර්, කිලිනොච්චිය පදිංචි පෙරියඅන්නන් ජෙගදීස්වරන් නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය පැවසූයේ කිලිනොච්චිය සිට වැලි රැගෙනවිත් ඇති ටිපර් රථයේ රියදුරු වැලි බෑම සිදුකොට රථය ඉදිරියට ගන්නා අවස්ථාවේ විදුලි රැහැන්වල පැටලී අනතුර සිදුව ඇති බවයි.
ටිපර් රථය විදුලි රැහැනේ පැටලී ඇති අවස්ථාවේ රියදුරු රථයෙන් බිමට බැසීමට ගත් උත්සහයකදී විදුලි සැරවැදී ඇති බවද පොලිසිය පැවසීය. විදුලි සැර වැදීමෙන් කම්පනයට පත්ව තුවාල ලබාසිටි රියදුරු නිවැසියන් විසින් වවුනියාව රෝහල වෙත රැගෙනයාමේදී මියගොස් තිබේ.