වැලි පැටවු 6 ක් කින්නියාවෙන් අත්අඩංගුවට




 
 
අමදෝරු අමරජීව
 
කින්නියා මනල් ආරු හා  පුලිඅඩි ප්‍රදේශවල මහවැලි ගං ඉවුර විනාශ කරමින්  බලපත්‍ර නොමැතිව හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය  කරමින් වැලි පැටපු හා මහවැලි ගඟට ට්‍රැක්ටර් දැමු හයදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරුවන් සමඟ ට්‍රැක්ටර් පහක් හා ටිපර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

විශේෂකාර්ය බලකායේ සර්ධාපුර දෙවැනි කදවුරු අණදෙන නිලධාරි එච්.එන්.ඒ.එස්.බණ්ඩාර මහතා ඇතුලු නිලධාරින්  කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර  ඇත. 

සැකකරුවන් ට්‍රැක්ටර් හා ටිපර්  රථ සමඟ වැඩිදුර පරික්ෂණ සඳහා  කින්නියා පොලිසියට බාරදී තිබේ.