වැලි ජාවාරම්කරුවෙක් අලව්වේ දී අත්අඩංගුවට


     
හේමලතා ඩී හේවගේ 

ගඩොල් ප‍්‍රවාහනය කරන   මුවාවෙන් කාලයක සිට ඉතා සූක්ෂම අයුරින් රාත‍්‍රී කාලයේ මඩකලපුව පෝපල්පිල්ල ප‍්‍රදේශයේ සිට හෝකන්දර ඇතුඵ ප‍්‍රදේශවලට බලපත‍්‍ර නොමැතිව වැලි ප‍්‍රවාහනය කළ සැකකරුවෙක් අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

පොල්ගහවෙල - අලව්ව මාර්ගයේ වලකුඹුර  ප‍්‍රදේශයේදී  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ලොරි රථයට වැලිපටවා කඵ රෙද්දකින් එය පිටතට කිසිදු අයුරකින් නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ බවයි.  

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සියඵ නඩු භාණ්ඩ පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.