වැල්හේන්ගොඩ පාසලක් පන්ති දෙකක් වසයි


(සුමතිපාල දියහගේ )

අහංගම මවකට කොරෝනා වෛරසය ආසාදනයවිම නිසා එම ආසාදිත මවගේ දරුවන් දෙදෙනකු ඉගෙනුම ලබන අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ විදුහලක 2 වන සහ 7 වන ශ්‍රේණි දෙක තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව කතලුව මහජන සෞඛ්‍ය පරික්ෂක සුජන්ත ජයසිරි මහතා පවසයි.

මිදිගම ප්‍රදේශයේ ඇගලුම් කම්හලක රැකියාව කරන මෙම ආසාදිත කාන්තාවගේ 12 හැවිරිදි දුව සහ 7 හැවිරිදි පුතා ඉගෙනුම ලබන විදුහලේ එම ශ්‍රේණි දෙක මෙසේ තාවකාලිකව වසා ඇත.

මේ අතර එම ආසාදිත කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.