වැල්ලවාය දෙමාපියෝ ගුරුවරු ඉල්ලා පළාත් සභාවට එති



 
පාලිත ආරියවංශ 
 
වැල්ලවාය බලහරුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුහිඟයට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා සිසුන්ගේ දෙමාපියන් 300 දෙනෙකු පමණ  අද (27) බස්රථ තුනකින්  බදුල්ලට පැමිණ   ඌව පළාත් සභාව ඉදිරියට රැස්වූහ .

ගුරුවරු 17 දෙනෙකුගේ හිඟයක් පවතින බැවින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට  එය  විශාල බාධාවක් වී ඇතැයි ඔවුහු පවසති.

මේ පිළිබඳව වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසඳුම් ලබානොදෙන බවට චෝදනා කරමින්  මෙම පිරිස ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට සංදේශයක් ඉදිරිපත් කළේය.

මෙම පිරිසගේ නියෝජිතයන් කීපදෙනෙකු ප්‍රධාන අමාත්‍යාවරයා හමුවී එම සංදේශය බාරදී තම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ අතර ගුරුවරු සිව් දෙනෙක් ලබාදෙන බවටත්  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවන ලෙසටත් දැනුම් දුන්නේය.