( ප්‍රින්ස් රත්නායක )
බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ගිල්ම ප්‍රදේශයෙදී අද (09) වෑන් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තරුණයකු හා සිසුවියක තුවාල ලබා බළන්ගොඩ මූළික රෝහලට ඇතුළත් කර ඇත.
එම අනතුරෙන් ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ හාස්කමකින් බව ප්‍රදේශවාසීහු පවසති.
රියපැදවූ තරුණයා සිය නිවසට පැමිණී ඥාතියෙකුගේ වෑන්රථය කිසිවකුට නොදන්වා රැගෙන ගොස් ඇති බවත් පාසල අවසන් වී පැමිණි සිසුවියකද කැටිව වාහනය පදවා ඇති බවත් කියැවේ.


