නවම් පුන් පොහෝ දින මහනුවර නගරයේ කළ හදිසි වැටලීමකදී රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කළ මහනුවර නගරයේ වෙළෙඳුන් පස් දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
එම වෙළෙඳසල්වල සම්බා,කීරී සම්බා,කැකුළු හා නාඩු සහල් රජයේ පාලන මිලට වැඩියෙන් අලෙවි කරමින් තිබූ බවත් එක් වෙළෙඳසලක මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොග තිබූ බවත් ඔවුන් පවසයි.
සහල් මිටි 78 ක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන තිබෙන අතර මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ද කියති.