වැඩි මිලට සහල් විකුණූ 22 කට නඩු


(විජේරත්න රත්නායක )

නියමිත මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 22 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.

සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය අනුව සුදු සම්බා සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85.00 ක් සහ සුදු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 ක්ද වන අතර එම මිලට වඩා වැඩි මිලට මෙම සහල් වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතා පැවසීය.

බදුල්ල- පහළ වීදිය, දකුණු පටුමග, විහාරගොඩ, හිඟුරුගමුව,  මහියංගනය පාර, වේවැස්ස වත්ත, බණ්ඩාරවෙල- අමුණුදෝව, හපුතලේ පාර, හල්දුම්මුල්ල- ඌවතැන්න,පස්සර- නගරය, මහිහංගනය- මාපාකඩවැව, පූජා නගරය, පදියතලාව පාර, හාලිඇල- බෝගහමඩිත්ත යන ප්‍රදේශවල වෙළෙන්ඳන් පිරිසකට මෙසේ නඩු පවරා ඇත.