(තිලකරත්න දිසානායක)
පාරිභෝගික සේවා අධිකාරිය මගින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලැබූ වෙළඳුන් 9 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ නිලධාරීන් පවසයි.
රජයේ අනුමැතියකින් තොරව තිරිගු පිටි ආනයනය කරනු ලබන ආයතන මගින් පිටි මිල වැඩි කර ඇතත් එසේ කිරීමට හැකියාවක් නැති බැවින් තිරිගු පිටි කිලෝවක පාලන මිල වන රුපියල් 87 ට වඩා වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ගම්පහ විමර්ශන ඒකකය මගින් රාගම , වැලිසර ආර්ථික මධ්‍යස්ථානය සහ මහබාගේ යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසියේදී වෙළඳසල් හයක , ප්‍රධාන පිටි ආනයන ආයතනයක ප්‍රධාන බෙදාහැරීමේ ස්ථානයක සහ තොග බෙදා හැරීමේ ස්ථානයක තිරිගු පිටි තොග වැඩි මිලට අලෙවි කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
අත්අඩංගුවට ගත් වෙළඳුන් නියම නරනු ලබන දිනකදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදාහැර තිබේ.