(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාහනවල චැසි අංක වෙනස් කර ව්‍යාජ ලේඛන සකස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු කඩවත සුපිරි වෙළඳසැලක් අසළදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් සහග වෑන් රථයක්, ව්‍යාජ ලියාපදිංචි සහතිකයක්, ව්‍යාජ හැඳුනුම්පත් තුනක්, රියදුරු බලපත්‍ර දෙකක් සහ ව්‍යාජ ලේඛන සකස් කර උකස් කරන ලද මෝටර් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවෝ දෙදෙනා ඌරපොළ කිරිඳිවෙල පදිංචි 34 සහ 31 හැවිරිදි පුද්ගලයෝය.
වාහනවල චැසි අංක වෙනස්කර විකිණූ දෙදෙනෙක් අත්අඩංගුවට
Recommended Articles