(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) සවස වාහන තුනක් ගැටී සිදුවු අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ අනතුරට පත් වාහනවල ගමන් ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු තිදෙනෙකි.
භාණ්ඩ ප්‍රවාහන කැබ් රථයක රියදුරාට නින්ද යාමත් අධික වේගයත් සමඟ ආණමඩුව දෙසින් පුත්තලම දෙසට ගමන් කරමින් තිබු කැබ් රථයක හා වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇත.
භාණ්ඩ ප්‍රවාහන කැබ් රථයේ ගැටුණු වෑන් රථය එහි රියදුරාට පාලනය කරගත නොහැකිව උඩුකුරුව පෙරැළී ගොස් තිබිණි.