කොල්ලුපිටියේ වාලුකාරාම විහාරයේ 53 වැනි වාර්ෂික ඇසල පෙරහර අද (13) රාත්‍රී වීදි සංචාරය කළේය.
ආරම්භක අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ එක්ව සිටි අතර කතරගම වාසනා හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ඔවුන් අතින් සිදු කැරිණි.
විහාරාධිපති මහරගම නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කර තිබිණි.