වාලම්පුරියක් විකිණිමට ගිය දෙන්නෙක් අත්අඩංගුවට



 (රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය සිට දඹුල්ල දක්වා ඉතා සූක්ෂම අයුරින් සඟවාගෙන වාලම්පූරියක් විකිණිම සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.


වවුනියාව පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන්   සිදුකළ සොදිසි මෙහෙයුමකදී මොටර් රථයකින් වාලම්පුරිය ප්‍රවාහනය කරමින් සිටියදී එම සැකකරුවන් දෙදෙනාද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අදාළ සැකකරුවන් වාලම්පුරිය රුපියල් කෝටි එකහාමාරක මුදලකට දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිණිමට රැගෙන එමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් හා වයස අවුරුදු 21 ක් වු තරුණයින් දෙදෙනෙකි.


අදාල වාලම්පුරිය සැකකරුවන් වෙතට ලැබුනු අයුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇති අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය