(කඹුරුගමුව තරංග ගුණරත්න)
අද උදැසන වැලිගම මිරිස්ස පෙදෙසෙහි පිහිටි අයිස් නිෂ්පාදනාගාරයේ ප්‍රියෝන් වායු නලයක වායු කාන්දුවක් නිසා පෙදෙසෙහි නොසන්සුන්තාවයක් පැවති බව වැලිගම පොලිසිය පවසයි.
අද (17) පෙරවරු 5:00- 5:30 අතරතුරදී වැලිගම පොලිස් වසමේ මිරිස්ස පෙදෙසෙහි පිහිටි පෞද්ගලික අයිස් නිෂ්පාදනාගාරයේ යන්ත්‍රයක ජලය මිදවීමට උපයෝගි කරගන්නා ප්‍රියෝන් වායු නලයක කාන්දුවක් හටගැනීමෙන් එම පෙදෙස අවට මෙම වායුව ගලායාම නිසා පෙදෙස අවට ජනතාවට හුස්මගැනීමේ අපහසුතා පැවති බැවින් එම අවට පෙදෙස පුරා දැඩි නොසන්සුන්තාවයක් පැවැති බවත්, ඔවුන් විසින් වැලිගම පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු අදාල ස්ථානය වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් පරික්ෂා කරන ලදි.
මෙම වායුව කිලෝග්‍රෑම් 60 පමණ ගබඩා කර තිබු බවත් එමගින් කිලෝග්‍රෑම් 03 පමණ පිටව ගොස් ඇතැයි එම ස්ථානයේ සේවයකයකු පැවසීය. මෙම සිද්ධියෙන් කිසිවෙකුට හානියක් නොමැති අතර සිද්ධිය සම්බන්දයෙන් වැලිගම පොලිසියේ මුලස්ථාන පොලිස් ස්ථානාධිපති එචි, එමි ජයතිලක මහතාගේ උපදෙස් මත පරික්ෂණ සිදුකරයි .