(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ අනියම් සැමියා බවට සැක කරන පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .
2016 වසරේ දෙසැම්බර් 21 වන දින මෙසේ මියගොස් තිබුණේ චන්දන සමන් ගුණවර්ධන ( 41) නැමති ව්‍යාපාරිකයෙකි.
සිය නිවසේ සිටියදී ඔවුහු ගෙල වැලලා ගෙන මියගොස් ඇතැයි මූලිකව සඳහන්ව තිබිණි.
පසුව මිය ගිය ව්‍යාපාරිකයාගේ ඥාතීන් මාතලේ කොට්ඨාස පොලිස් අධිකාරී වරයා වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් මාර්ගයෙන් මෙහි විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් .ආර් . රාජපක්ෂ මහතාට ලබාදී තිබිණි.
ඒ අනුව වසර එකහමාරකට වැඩි කාලයක් ඉතා සියුම් පරීක්ෂණ පවත්වමින් හ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වමින් මෙම ඝාතනය පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ දඹුල්ල ප්‍රදේශයේ නිවසේ රැඳී සිටියදීත් අනියම් සැමියා බව කියන අයකු මාතලේ බලකඩුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස පොලිස් පොලිස් අධිකාරි එස්. ඩී .එච් . බී සන්දනායක මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් දෙදෙනා දඹුල්ල පොලිසියේ රඳවා තිබෙන බවත් ඔවුන් අද (22 )දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය