ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට


(කේ.බුද්ධික කුමාරසිරි )

පාදුක්ක පිටුම්පේ ප‍්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලා එහි ප‍්‍රතිකාර ලබා දුන් බව කියන සුදුසුකම් ඉදිරිපත් කළ නොහැකි වූ  වෛද්‍යවරියක් සහ නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගත් ඖෂධ තොගයක් අද (03) සවස සැක පිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 

අදාල වෛද්‍ය මධ්‍යස්ථානය තුළ නීති විරෝධී කි‍්‍රයා සිදුවන බවට ප‍්‍රදේශයේ මහජනතාවගෙන් දිගින් දිගටම ලද පැමිණිලි හා පෙත්සම් නිසා පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය දුමිත‍්‍ර කහංගම මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ එම ස්ථානයේ ප‍්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරිය යැයි සැළකෙන කාන්තාවට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හෝ කිසිදු පිළිගත් සහතිකයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.

පසුව බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ කොළඹ දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පාලක පරීක්ෂකවරුන් පැමිණ එම ස්ථානයේ නීති විරෝධීව රැස් කර ගෙන සිටි ඖෂධ තොගයද ඔවුන් බාරයට ගෙන මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.