ව්‍යාජ ලෙස මුදල් ගැරූ දෙන්නෙක් දැලේ


 

(විශේෂ මහේෂ් කිර්තිරත්න)          

කූට ලේඛන  සකස්කර ලොරි හා ටිපර් රථ වංචනික ලෙස ෆිනෑස් සමාගම් හරහා මුදල් ලබා ගැනිමේ  ජාවාරමක  නියැලුණු  පුද්ගලයින්  දෙදනෙකු  අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැකි වී තිබේ.

රට පුරා මෙම කුට ජාවාරම සිදුකර ඇති බවට මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවත් වාහනවල චැසි අංක භාවිතා කරමින් අදාළ ලිපි ලේඛණ ව්‍යාජ ලෙස සකස් කොට ඇතැම් වාහනවල චැසි අංක කොටා නැවත  නැවත ෆිනෑස් සමාගම්වලට ඉදිරිපත් කරමින් මුදල් ලබා ගැනිමේ උපක්‍රම  මොවුන් භාවිත කර ඇති බව පොලිසිය කියයි.

මෙම ජාවාරම පිළිබදව දිර්ඝ විමර්ශනයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බවත් තවත් ලොරි සහ ටිපර් රථ ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තොරතුරු වාර්තා වි ඇති බවත් ඒවා පිළිබදව ද විමර්ශනය සිදු කරන බවද පොලිසිය කියයි.