(ක.ග.කරුණාරත්න)
ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (02) හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගත්බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්‍ෂකයෙකුගේ මනාප අංකය ලකුණු කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා 150 ක් එහි තිබූ පොලිසිය පැවසීය.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා සමඟ අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් එක් අයෙකු හෝමාගම , ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනෙක් පුද්ගලයා හිඟුරක්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි නවරත්න ඉඩම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.