(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය අලෙවිකිරීම සම්බන්ධයෙන් වසරකට පෙර කළ වැටලීමකදී පලා ගිය සැකකරුවකු සහ ඔහුගේ සොහොයුරා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මත්ද්‍රව්‍ය සමඟ කටුබැද්ද ක්‍රීඩාංගණය අසළදී අද(17) අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙන 20 සහ 23 හැවිරිදි වියේ පසුවෙති.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 300ක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4ක්, හෙරොයින් පැකට් 80ක්, මත්පෙති 40ක් සහ ජංගම දුරකථන කිහිපයක් පොලිසිය භාරයට ගෙන ඇත.
මත්කුඩු තබාගෙන නිවසක පුද්ගලයකු සිටින බවට වසරකට පෙර පොලිසියට ලද තොරතුරක් අනුව, වැටලීම කළ බවත්, එම අවස්ථාවේදී මෙම සැකකරු පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
පලාගිය සැකකරු ඔහුගේ බාල සහෝදරයා සමඟ අද කටුබැද්ද ක්‍රීඩාංගණය අසළ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පානදුර හා පිළියන්දල යන ප්‍රදේශවල කුලී නිවාස ලබාගෙන මත්කුඩු අලෙවිකිරීමෙහි නිරතව සිටි බව අනාවරණය වී ඇත.
එගොඩඋයන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වසරකට පෙර පලාගිය සැකකරුවෙකු ලක්ෂ 3ක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
Recommended Articles