ඩී ජී සුගතපාල
නිවසකට බෝම්බ ගසා කාන්තාවක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කළැයි විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව අද (2) දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවිණි.
එහිදී පළමුවැනි සහ සිව්වැනි විත්තිකරුවන්ට මරණිය දණ්ඩනය නියම කර තුන්වැනි විත්තිකරු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර දැනට අධිකරණය මඟහැර සිටින සිව්වැනි විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙසේ මරණීය දණ්ඩනය නියම වී ඇත්තේ හික්කඩුව ලියනආරචිචිගේ රංජිත් වජිර ලාල් හෙවත් සරත් සහ පරණ සට්ටම්බිගේ දමිත් යන විත්තිකරුවෝ වෙති.
අහංගම පොලිස් වසමේ වඩුගෙයිගොඩ දී 1999 මැයි 31 වැනි දා දැනට මියගොස් සිටින දඩල්ලගේ නිලන්ත කුමාර සමඟ බෝම්බ පුපුරවා නිමල් වෙල්ලාල යන අයට තුවාල සිදු කිරිම එම ක්‍රියා කලාපයේදීම වෙල්ලාලගේ රංජනි යන අයගේ මරණය සිදු කිරිම එම ක්‍රියා කලාපයේදිම වල්ගමගේ ෆැන්සිනෝනා යන අයට තුවාල සිදු කිරිම ඇතුලු අධි චෝදනා හතක් යටතේ ඔවුනට එරෙහිව ගාල්ල මහාධිකරණයේ නඩු පවරා තිබිණි.