වවුනියාවේ සැඩ සුළඟින් නිවාස 46 කට හානි


(සිතුම් චතුරංග)

වවුනියාවට ඉරිදා (09) සවස බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 46 කට හානි සිදුව ඇතැයි වවුනියාව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
වර්ෂාවත් හමාගිය තද සුළඟෙන්  නිවාස පහකට පමණ පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බව එම ඒකකය කියයි.

කෙසෙල් හා පැපොල් වගා  අක්කර දහයකට ආසන්න ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

හානියට පත්වූ නිවාස කඩිනමින් අලූත් වැඩියා කිරීමට වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බවද එම ඒකකය කියයි.