වවුනියාවේ ඉදිකළ නව බස්නැවතුම්පල වෙත ලංගම සේවකයින් තම බස්රථ රැගෙන යෑමේදී පෞද්ගලික බස් රියදුරන් හා සේවකයින් පහරදෙන බැවින් එම පහරදීම් වළක්වා ගැනීම සඳහා පොලිසිය මැදිහත්ව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (2) උතුරු පළාතේ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක නිරත වූහ.
වවුනියාව, මන්නාරම , මුලතිව්, කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්කවල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෛනික ගමන්වාර වලින් වැළකී වවුනියාව ලංගම සේවකයින් වෙත සහය පළ කරමින් වැඩවර්ජනයේ නිරතව සිටිති.
උතුරු පළාත තුළ ධාවනය වන බස්රථ වෙත ද පෞද්ගලික බස්රථ සේවකයින් පහරදීම් කරන බවත් එම සිද්ධීන් පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීමේදී පහර කෑ ලංගම බස් රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණ ක‍්‍රියාමර්ග ගන්නා ක‍්‍රියා පිළිවෙතක් උතුරේ පොලිස් නිලධාරීන් කරගෙන යන බවත් එයට විරෝධය දක්වමින් ද ලංගම සේවකයින් වැඩවර්ජනයේ නිරතවන බව ලංගම සේවකයෝ පවසති.