වවුනියාවේ ලංගම බස් ධාවනයෙන් ඉවත් වෙයි



 
 
රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව නව බස් නැවතුම්පලේ දී පෞද්ගලික බස් රථ අයත් පිරිසක් විසින් යාපනයේ සිට පැමිණි ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාට පහරදීමක් හේතුවෙන් අද (17) උදෑසන සිට වව්නියාව ලංගම සියලුම බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටිති.


පහරදීමකට ලක් වූ ලංගම බස් රථයේ රියදුරු ඇතුළු මගීහු පවසා ඇත්තේ පෞද්ගලික බස් රථයේ සිටි පිරිසක් සහ තවත් වෑන් රථයකින් පැමිණි පුද්ගලකු විසින් කොන්දොස්තරවරයාට පහර දුන් බවත් මේ වන විට පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


කෙසේ වෙතත් අදාළ පහරදීමෙන් පසුව වව්නියාව පොලීසිය විසින් පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන පෞද්ගලික බස් රථය වව්නියාව පොලීසියට රැගෙන ගොස් ඇත.


කෙසේ වෙතත් මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ ධාවනය වන සියලුම ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර ධාවනයෙන් ඉවත් වූ ලංගම බස් රථ සංගම් නියෝජිතයින් කියා සිටියේ පහර දීම සිදු කළ පිරිසෙන් මේ වන විට වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පමණක් හෙයින් එම ස්ථානයට වෑන් රථයෙන් පැමිණ පහරදීම සිදු කළ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.


අද (17) සවස වන විට අදාළ වෑන් රථයකින් පැමිණ පහරදීම සිදුකළ පුද්ගලයින් ද අත්අඩංගුවට නොගන්නේ නම තවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවටද වව්නියාව ලංගම බස් නියෝජිතයෝ වැඩි දුරටත් කියා සිටියහ.