(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ වෙළඳසලක් අද(20) අලුයම කිසියම් කොල්ලකල්ලියක් විසින් කොල්ල කා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
අදාල වෙළෙඳසලේ හිමිකරු ඊයේ රාත්‍රියේ 9 ට පමණ වෙළඳසල වසා නිවසට ගොස් ඇති අතර අද උදෑසන එය විවෘත කිරීමට සැරසෙන අවස්ථාවේදී වෙළඳසලේ අගුළු කඩා ඇති බව දැකගන්නට ලැබී ඇත.
පසුව වෙළඳසල පරික්ෂා කිරීමේදී වෙළඳසලේ තිබූ මුදල් හා උපකරණ රැසක් සොරකම් කරගෙන ගොස් තිබූ බව එහි හිමිකරු පොලීසියට පැමිණිලි කොට ඇත.

