(වන්නි රොමේෂ් මධුෂංඛ)
වවුනියාව ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සිය බස් රථ ධාවනයෙන් ඉවත් වි අද (18) විරෝධතාවයක් ආරම්භ කළහ. දේශපාලනික බලපෑම් මත කෙරෙන ස්ථාන මාරු කිරීම් වහාම නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
වවුනියාව බස් නැවතුම්පොළේ රජකාරී කටයුතු කළ සේවකයින් දේශපාලන බලපෑම් මත මාරුකිරීම් කිරීම්වලට විරුද්ධව විරෝධතාව සංවිධානය කළ බව වවුනියාව ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයෝ පැවසූහ.
උතුරු පළාත් ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කරන නිළධාරියාගේ අත්තනෝමතික ක‍්‍රියා කලාපයන්ට මෙන්ම බස් රථ සේවකයින් විවිධ දේශපාලනික බලපෑම් මත ස්ථාන මාරුවීම් සිදු කරන බව සේවකයෝ කියති.
විරෝධතාවය හේතුවෙන් වවුනියාව ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත්කර ඩිපෝව තුළ සහ වව්නියාව බස් නැවතුම්පලේ නවතා තිබිණ.
විරෝධතාවයට ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ වවුනියාව ඩිපෝ සේවකයින් සියලු දෙනා එක්ව තිබූ අතර බස් ධාවනය නොවීමෙන් සාමාන්‍ය වැසියෝ අපහසුතාවයන්ට පත්ව සිටියහ.