(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දින කිහිපයේදී වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඇවිස්සීමෙන් ඇතිවූ තත්වයන් ඉදිරියට ඇති නොවීම සඳහා සියලුම බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගත්තේය.
වව්නියාව දිසාපති සෝමරත්න විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් වව්නියාව ඉරට්ට පෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ හා වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද මහා විද්‍යාලයේ බැඳ තිබූ බඹර වද මෙන්ම වව්නියාව මහ රෝහලේ බැඳ තිබූ ඹඹර වද සියල්ලක්ම ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.
පසුගිය දිනයන්හි පැරකුම් මහා විද්‍යාලයේ හා විපුලානන්ද මහා විද්‍යාලයේ තිබූ බඹර වද ඇවිස්සී පාසල් ළමුන් කිහිප දෙනෙකු හා ගුරුවරුන්ද බඹර ප්‍රහාරයන්ට ලක්ව රෝහල්ගත කළ අතර පාසල්වලට නිවාඩු ලබා දීමටද සිදු විය.



