වව්නියාවේ ධාවනයට නුසුදුසු වාහන සොයා හදීසි පරික්ෂාවක්


(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව දිස්ත්‍රීක්කයේ මාර්ගවල ධාවනයට නුසුදුසු වාහන පරික්ෂා කිරීමේ සෝදිසි මෙහෙයුමක් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් රථවාහන අංශය නිලධාරීන් විසින් අද (18) ආරම්භ කරනු ලැබ ඇත.

වව්නියාවේ මාර්ගවල ධාවනය කෙරෙන බස්, ටිපර්, වෑන්,ත්‍රී රෝද රථ ඇතුළු සියලුම වාහන මෙහිදී පරික්ෂාවට ලක් කිරිම සිදුවන බවත් එහිදී එම වාහනවල පැවති දෝෂ වෙනුවෙන් තහනම් නියෝග හා අලුත්වැඩියා කිරීමේ නියෝග ලබා දීමට  පියවර ගෙන තිබේ.