(දෙනගම යසන්ත ආරියසේන)
කිරින්ද කඹුරුපිටිය පාරේ නිවසක පිටුපස කොටසේ පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා එහි තිබි සුදු හඳුන් හා වල්ලපට්ට ශාකවල කොටස් තොගයක් හා සිදින ලද තෙල් හා උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් තුන්සිය හතලිස් එකක් සහ සුදු හදුන් කිලෝ ග්‍රෑම් තුන් සියයක් හා වල්ලපට්ට තෙල් මිලි ලිටර් එකසිය හැත්තෑ පහක් සහ තෙල් සිදිමට යොදාගන්නා උපකරණයක් ඇතුළු භාන්ඩ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු කිරින්ද ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි සැකකරු සහ සුදු හදුන් හා වල්ලපට්ටා තොගය හා ඇතුළු උපකරන හා තෙල්වැඩිදුර විමර්ශන සදහා අඩවි වන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.