වල්ලපට්ටා තෙල් හිදින ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට


(ඩි.ජී.සුගතපාල)
කදුරුගස්හේන දේවාල පාරේ නිවසක පවත්වා ගෙන ගිය වල්ල පට්ට තෙල් හිඳිමේ මධ්‍යස්ථානයක් වටලා වල්ල පට්ට කිලෝ 39ක් හිඳින ලද වල්ල පට්ට තෙල් බෝතල් 2ක් සහ හිඳිමේ උපකරණ තොගයක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
 
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව මෙම නිවස වටලා සැකකරු සමඟ මෙම උපකරණ අත් අඩංගුවට ගෙන ඇත.
 
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතුල රංජිත් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර තිබේ.  සැකකරු සහ නඩු භාණ්ඩ අද (06)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.