වල්ලපට්ටා කැපූ තිදෙනෙකුට දඩ


(ඩී.ජී.සුගතපාල)

නීති විරෝධි ලෙස කොට්ටව රක්ෂිතයේ වල්ලපට්ටා කපන ලද පුද්ගලයින් තිදෙනෙකුට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස් පන්සිය බැගින් රුපියල් හාරලක්ෂ හැත්තෑපන් දහසක දඩ නියම කොට අත් අඩංගුවට ගන්නා ලද වල්ලපට්ටා තොගය සහ ඒවා කැපීමට යොදාගත් ආයුධ රාජසන්තක කිරීමට නියෝග කළාය.

මෙසේ දඬ නියමවුයේ කොට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකුට සහ කලවාන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුටය.

විත්තිකරුවන් කොට්ටව රක්ෂිතයේ මූකලාන කොටසේ වල්පට්ට කපමින් සිටියදී ලැබුණ තොරතුරක් අනුව වන නිලධාරීන් විසින් එම ස්ථානය වටලා සැකකරුවන් සමඟ වල්ල පට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද වල්ල පට්ටාවල වටිනාකමින් යුත් රෙසින කොටස් තිබූ අතර ඒවා රත්නපුර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබිණ.