වල්අලි පහරදීමකින් තරුණයෙකු නූලෙන් බේරෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව - කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයේදී අද (14 ) මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකුට වල් අලියකු පහරදී ඇති බවත් වල් අලියාගේ පහරදීමෙන් තරුණයාට අනතුරක් සිදු වී නොමැති බවත් පුත්තලම වන ජීවි පාලන එකකයේ නිලධාරීහු කියති.

මෙසේ වල් අලි ප්‍රහාරයෙන් දිවි බේරී ඇත්තේ කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි තරුණයෙකි.

තරුණයා රැකියාවට යාම සඳහා නිවසේ සිට පා පාදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය මාරු වීමට යමින් සිටි වල් අලියාගේ ගැටි ඇති බවත් ඒ සමඟම තරුණයා පා පාදියෙන් ඇද වැටි කෑ ගැසීමත් සමඟ අලියාද කුලප්පු වී දිව ගිය බවත් තරුණයා සඳහන් කර ඇත.

අලියාගේ ඇගේ ගැටී පා පාදියෙන් ඇද වැටුන තරුණයාගේ සිරුර පුරා තැලිම්  තුවාල සහ කොන්දේ අස්ථි බිදිමකට ලක්ව ඇති අතර තරුණයා පුත්තලම රෝහලට ඇතුළත් කරතිබේ.