ගල්ගමුවෙන් පහේ ශිෂ්‍යත්වය සමත් 250 දෙනකුට තැගි බෙදාදීමේ උත්සවයක් විදුලි සංදේශ හා ඩිජීටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බස්නායක මහතා එහිදී සිසුන්ට සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂ පිරිනැමීය.වල් අලි තර්ජනයෙන් පීඩා විදින අඩු පහසුකම් සහිත විදුහලක් වන ගල්ගමුව එරියාව කනිෂ්ඨ විද්‍යාලය ශිෂ්‍ය කාර්යය දර්ශනය අතින් ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය, හය වැනි ස්ථානය ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයටද අට වැනි ස්ථානය ඇහැටුවැව බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලට ද හිමි විය.










