වලල්ලාවිට ප්‍රදේශවාසීහු ශිෂ්‍ය හිමි වෙනුවෙන් විරෝධතාවක


ශ්‍රී සුවි  සුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ඌවතැන්නේ  සුමේධ හිමියන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට  එරෙහිව වලල්ලාවිට ප්‍රදේශවාසී ජනතාව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත. 
විහාරාධිපති  ඌවතැන්නේ සුමන හිමියන්ගේ  ඉල්ලීමක්  අනුව පසුගිය 23 වැනිදා මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ මල්වතු පාර්ශ්වයේ තීරණයක් නිසා මෙම තීරණය ගෙන ඇත.
මේ වනවිට වලල්ලාවිට නගරයේ මාර්ගය හරහා කළු කොඩි දමා ඇති අතර  මීගහතැන්න  දක්වා  සාමකාමී පෙළපාළියක් යෑමට බොහෝ පිරිසක් එක්ව සිටිති.

20170226_084756_resized 20170226_090402_resized 20170226_095047_resized 20170226_095628_resized 20170226_095636_resized