වර්ෂාවෙන් මාතලේ ග්‍රාමිය මාර්ග රැසක් විනාශයි


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ දිස්ත‍්‍රික්කයට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂා තත්ත්වයත් සමඟ ප‍්‍රදේශ රැසක මාර්ග පද්ධති අඹලන් තත්ත්වයට පත්ව ඇතැයි ප‍්‍රදේශවාසිහු පවසති.

උස් භූමි හරහා බොරළු දමා ඉදිකරන ලද මාර්ග රැසක් මේ වන විට සෝදා පාළුවට ලක්ව තිබේ.

නාඋල ,ඇලහැර සහ යටවත්ත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල අතුරු මාර්ග රැසක් මේ වන විට සොදා පාලූවට ලක්ව ඇතැයි එම ප‍්‍රදේශවල පදිංචිකරුවෝ පවසති.

පසුගිය පාලන සමයේ සිට මේ දක්වා පළාත් පාලන ආයතන මෙන්ම මධ්‍යම රජය මගින් ද ගම්මාන රැසක අතුරු මාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන්කර තිබිණි.

ඇතැම් ග‍්‍රාමීය මාර්ග රැසකට බොරළු යොදා සංවර්ධනය කිරීම මෙන්ම නිසි ජලය බැසයන කානු පද්ධති ඉදි නොකිරීම ආදි කරුණු හේතුවෙන් සුළු වර්ෂා තත්ත්වයකට පවා මාර්ග සේදී යෑමේ තත්ත්වයක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල දක්නට ලැබේ.