වර්ෂාවෙන් පන්නල පවුල් 42ක් අවතැන්


(හේමලතා ඞී හේවගේ)

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි.

නාලවලාන සහ මාහරගම යන ග‍්‍රාමසේවා වසම්වල අවතැන්වූ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටත් ඔවුනට අවශ්‍ය පිසූ ආහාර ඇතුඵ සහන සැපයීමට කටයුතු කරන ලෙස අදාල නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා කියයි.

වර්ෂාව දිගටම පැවතියහොත් මා ඔයේ ජල මට්ටම ඉහල යෑම නිසා පිටාර ගැලීමේන් ප‍්‍රදේශ රැසක ගංවතුර අවදානමක් පැවතිය හැකි බවත් ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ප‍්‍රාදේශීය ලේකම්වරයා කියයි.