(චන්දන ප්‍රනාන්දු)
වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000 ට පමණ රතු නිවේදන නිකුත් කර ඇති බව වයඹ පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය සුමල් තිසේරා මහතා පවසයි.
වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ ගොවි රැස්වීමක් අමතමින් ඔහු මෙලෙස සඳහන් කළේය.
වසර ගණනාවක් කිසිදු වගා කටයුත්තකට නොයොදවා ඇති වයඹ පළාතේ කුඹුරු ඉඩම් අක්කර 2000 ක් පමණ හදුනාගෙන ඇති බවත් එම කුඹුරු නැවත වගා කිරිම සඳහා එම ඉඩම්වල හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කිරිමට පියවර ගත් බවත් එම ඉඩම් හිමියන් ඔවුන්ගේ කුඹුරු වගා නොකරන්නේ නම් වගා කරන පුද්ගලයන් වෙත යම් ක්‍රමවේදයක් සකසා වගා කිරිමට ලබා දීමට වැඩ පිළිවෙලක් සකසා ඇති බවත් කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩ සටහන වයඹ පළාත තුළ මේ වසරේ සිට සක්‍රීය කිරිමට බලාපොරොත්තුවන බවත් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තිබෙන ඉඩම් ප්‍රයෝජනවත් කාර්යය යෙදවීම තුළින් කෘෂි ආර්ථිකය දියුණු කරලීම මෙහි අරමුණ බවත් ඔහු වැඩිදුරටත් කීවේය.