වඳුරාපිනූ ඇල්ල ව්‍යාපෘතියේ පාරිසරික තක්සේරු නවතී


බිඟුන් මේනක ගමගේ 
 
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් කෙරෙන වඳුරාපිනූ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ කටයුතු අතරමග නතර වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම කටයුතු භාර දී තිබූ මහවැලි උපදේශන සේවා කාර්යාංශය ඈවර කිරීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය මෙම තත්ත්වයට හේතු වී ඇතැයි මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
වඳුරාපිනූ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතියේ කටයුතු සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය හා ටාටා ප්‍රොජෙක්ට්ස් ලිමිටඞ් ඉන්ඩියා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කර තිබූ අතර එහි පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සැකැසීම මහවැලි උපදේශන සේවා කාර්යාංශයට පවරා තිබුණේ 2018 මාර්තු 7 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමෙන් පසුවය.
 
මේ සඳහා රුපියල් ලක්ෂ 600 ක මුදලක් නිදහස් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට එකඟතාව ද පල කර ඇතැයි එම නිලධාරියා පැවසීය.  
 
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා 2018 නොවැම්බර් 27 වැනිදා ලිපියක් මගින් මෙම පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ කටයුතු මහවැලි උපදේශන සේවා කාර්යාංශය මගින් කිරීමට බාරගෙන ඇත.