(ක.ග කරුණාරත්න)
වැලිකන්ද, කාලිංගවිලප්‍රදේශයේදී අද (29) වනඅලියෙකු පහරදීමෙන් කාන්තාවක මරුමුවටපත්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද, කාලිංගවිල, අංක 158 ලිපිනයේ පදිංචි පී.ජී චන්ද්‍රවතී (44) නමැති තැනැත්තියකි.
ඇය සිය නිවසේ සිට අලුයම මිදුලට පැමිණි අවස්ථාවේ අලියා පහරදී ඇත්තේ ඒ ගෙවත්තේ රැඳීසිට බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවීඇත.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

