(කේෂර ගුණතිලක)
වන අලියෙකු පහරදීමෙන් වියපත් කාන්තාවක් අද (28) මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ වැල්ලවාය ඇල්ලපාර, හෙළරඹුක්කැටිය පදිංචිව සිටි එස්. එම්. දයාවතී නැමති 76හැවිරිදි සය දරු මවකි.
ඇය අද (28) උදෑසන නිවසේ සිට වගාබිමට යමින් සිටියදී වන අලියෙකු පහරදී ඇතැයිද ඇයව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යැවූ බවද එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බවද පොලිසිය කියයි.
වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.