( එච් චන්දන )
පුත්තලම කල්අඩියේ වන අලියකු විදුලිය වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක අත් අඩංගුවට ගත් බව පුත්තලම වන ජීවී කාර්යාලය කියයි.
කල්අඩිය - සිංහපුර ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර මිය ගිය වන අලියකුගේ මළ සිරුරක් ඊයේ(30) වන ජීවී නිලධාරින් සොයා ගත්තේය.
වන අලියාගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු අධි බලැති විදුලියක් වැදීමෙන් මෙම වන අලියා මිය ගොස් ඇති බව නිගමනය කර ඇත.
සිද්ධිය පිළිබදව පුත්තලම අලි පාලන ඒකකය හා දිසා වන ජීවී කාර්යාලය එකාබද්දව සිදු කල විමර්ශණ වලින් අනතුරුව මෙම වන අලියා මිය ගොස් සිටි ඉඩමේ හිමිකාර කාන්තාව මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකාරිය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

