වන අලියකු පහර දීමෙන් අයෙක් මරුට


(ඩබ් ඒ පියතිලක) 

පොලොන්නරුවල බකමුණ ලබුදුරුවයායේ දී අද (24) තම ගෙවත්තට පැමිණි  වනඅලියකු එලවා දැමිමට ගොස් එම අලියා පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි බකමුණ පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ බකමූණ පදිංචි මනන්දේවගේ ගෙදර නලින් ප්‍රියසාද් කුමාරසිංහ (43) හැවිරිදි   විවාහකයෙකි.  

මෙම පුද්ගලයා තම ගෙවත්තට පැමිණි වනඅලියා අසල්වාසින් සමඟ එළවා දැමිමට ගොස්  මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවත් අලියා  ගෙවත්තේ සිට මිටර් 500ක් පමණ දුරට එළවා දැමිමෙන් පසුවත් මෙම පුද්ගලයා වනඅලියා පසු පස යෑමෙන් අලියා නැවැත පැමිණ ඔහුට පහර දි ඇති බවට පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය.