රෝවන් පෙරේරා
කරුවලගස්වැව සහා අවට ගම්මානවලට පැමිණෙන වන අලින් සතියක් වැනි කාලයක් තුල පොල් ගස් කෙසෙල් ගස් සහ අඔ ගස් 400 වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කර දමා ඇති බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.
වන අලි ගම්වැදීම වැලැක්වීම සඳහා ඉදිකර ඇති විදුලි වැටෙහී විදුලිය නොමැති වීම හේතුවෙන් වන අලි පහසුවෙන් ගම් වදින බව කරුවලගස්වැව සහා අවට ගම්මානවල ජනතාව පවසති.
පසුගිය දින කිහිපය තුල ගම්මාන කිහිපයකට ගොස් වන අලි පන්නා දැමූවද නිරන්තරයෙන් ගම් වදින බැවින් සෑම රාත්‍රියකදීම කොතනක හෝ හානියක් සිදුකර බව වනජීවී පාලන ඒකකයේ මධ්‍යස්ථාන භාරකරු බී එම් බණ්ඩාර මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා පැවසුවේ වන අලි ගම් වැදීමේදී ගම්වැසියන් පත්වන පහසුතාවයන් වැලැක් වීමට යම් වැඩ පිළිවලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කට යුතු කරන බවයි.