වතුර වළකට වැටී ළමයින් දෙදෙනකු මරුට


රොමේෂ් මධුෂංඛ

 

මන්නාරම තොට්ටවේලී ජෝෂප්වාස් නගර් ගම්මානයේ අවුරුදු 7ක් වයසැති පිරිමි ළමුන් දෙදෙනෙකු වතුර වළකට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට මන්නාරම පොලීසිය පවසයි.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජෝෂප්වාස් නගර් ගම්මානයේ එක් ඉඩමක තිබූ වළකට වැසි ජලය එක් වීමෙන් වළ පිරී පැවති අතර අදාළ ළමුන් දෙදෙනා එම වලෙන් දිය නෑමට ගොස් ඇති අතර එහිදී ළමුන් දෙදෙනාම එකවරම වළට පැනීමෙන් මඩේ එරී දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මන්නාරම් පොලීසිය කළ පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ජෝෂප්වාස් නගර් ගම්මානයේ පදිංචි හත් හැවිරිදි සෙල්වන් ලිවිසන් හා කනකරාජ් රජිත් නැමති දරුවන් දෙදෙනෙකි.